චීනය හා එක්ව ගෝලීය වෙළඳපොළ ජය ගැනීමට බොහෝ විදෙස් සමාගම්වල එකඟත්වය පළවේ
2023-05-26 21:06:12
Share with:

               

                 විදෙස් සමාගම් චීනයේ ආයෝජනය කිරීමට වඩාත් උනන්දුවෙන් සිටින බව මෑතකදී චීනයේ විදෙස් සමාගම් නිකුත් කළ වාර්තා රැසකින් හෙළි වේ.එම සමාගම්වලින් 70%කට ආසන්න ප්‍රමාණයක් පවසා ඇත්තේ ඉදිරියේදී  චීනයේ වැඩියෙන් ආයෝජනය කිරීමට කැමති බවයි. එම විදෙස් සමාගම් චීනයේදී සිය කර්මාන්ත ශාලා හෝ අලෙවි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අමතරව, සිය නිෂ්පාදන පර්යේෂණ මධ්‍යස්ථාන චීනයට රැගෙන ඒමට සැලසුම් කරමින් සිටී.

                 ගෙවුණු වසර තුනේ කොවිඩ් වසංගතය හා කැළඹිලි ගෝලීය දේශපාලන තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකය පසුගාමී තත්ත්වයට පත්ව ඇත. එහෙත් චීනය සිය ආර්ථිකය ස්ථාවර මට්ටමින් රඳවාගැනීමට සමත්ව සිටී.බිලියන 1.4ක ජනගහණයක් සිටින චීනයේ කෝටි 40ක මධ්‍ය ආදායම්ලාභීන් සිටින විශාල වෙළඳපොලක් පවතී. මෙය විදේශ ආයෝජකයන්ට දැඩි ආකර්ෂණයක් වී තිබේ. ලොව පූර්ණ ම කාර්මික පද්ධතියක් සතුව ඇත්තේ චීනයටයි. මෙම පද්ධතිය තුළින් අඩු පිරිවැයෙන් ඉහළ ගුණයෙන් යුත් අමුද්‍රව්‍ය හා උපාංග ලබාගැනීමේ හැකියාව ලැබෙන බැවින් එම විදේශ සමාගම්වලට වැඩියෙන් ලාබ උපයා ගැනීමට හැකි වේ.මීට අමතරව , චීනය සිය විවෘතභාවය හා ප්‍රතිසංස්කරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යන හෙයින් එයින් විදේශ සමාගම්වලට අනාගතය පිළිබඳ දැඩි විශ්වාසයක් ජනිත වේ.

                වත්මන් කාලයේ ‍ලෝක ආර්ථිකය ඒකපාර්ශ්වවාදය හා වෙළඳ ආරක්ෂණවාදය ඇතුළු අභියෝග රැසකට මුහුණ දී සිටී. චීනය මර්දනය කිරීමේ‍ චේතනාවෙන් ඇතැම් රටවල් යළි යළිත් කියා සිටින්නේ චීනයෙන් "විසංයෝජනය " විය යුතු බවයි. එහෙත් චීනය සමග සම්බන්ධ නොවීමෙන් අවදානම්වලට මුහුණ දීමට සිදු වන බව යථාර්ථයෙන් ඔප්පු වී ඇත. චීනය හා සම්බන්ධ නොවුවහොත් ජර්මනියේ ‍දළ දේශීය නිෂ්පාදිතය වාර්ෂික ව 2%කින්  පහත වැටී යුරෝ බිලියන 60ක අලාභයක් සිදු වනු ඇතැයි ඔස්ට්‍රියාවේ බුද්ධි මණ්ඩල පර්යේෂණ වාර්තාවක් ඇස්තමේන්තු කර තිබේ. ලෝප්‍රකට Nike සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී John Donahoe පැවසුවේ චීනයෙන් "විසංයෝජනය වීම" ගෝලීය වෙළඳාමට විනාශකාරී වනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම