චීන වාණිජ අමාත්‍යවරයා සහ ඇමරිකානු වාණිජ ලේකම්වරිය අතර විශේෂ හමුවක්
2023-05-26 09:36:26
Share with:

චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා ඊයේ (25) ඇමරිකානු වාණිජ ලේකම් Gina Raimondo මහත්මිය හමුවිය. Wang Wentao මහතා ඇමරිකාවේ පැවැත්වෙන APEC සංවිධානයේ වෙළඳ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගී වීමට සමගාමීව මෙම හමුව සිදු විය. දෙපාර්ශ්වයම චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සබඳතා සහ පොදු අවධානයට ලක්විය යුතු ආර්ථික සහ වෙළඳ ගැටළු පිළිබඳව අවංක, වෘත්තීය සහ නිර්මාණාත්මක අදහස් හුවමාරු කර ගත්හ. චීනය සම්බන්ධයෙන් ඇමරිකාවේ ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්තිය, අර්ධ සන්නායක ප්‍රතිපත්තිය, අපනයන පාලනය සහ විදේශ ආයෝජන සමාලෝචනය පිළිබඳව චීනය දැනි අවධානය යොමු කළේය. නිශ්චිත ආර්ථික හා වෙළෙඳ අවශ්‍යතා සහ සහයෝගිතා කරුණු සම්බන්ධයෙන් සබඳතා පවත්වා ගැනීම සහ එය ශක්තිමත් කර ගැනීම සඳහා සන්නිවේදන ක්‍රම ගොඩනඟා ගැනීමට දෙපාර්ශවයම එකඟ විය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම