2023 Zhongguancun සාකච්ඡා මණ්ඩපයට චීන ජනාධිපතිවරයාගෙන් සුබ පැතුම් ලිපියක්
2023-05-26 09:14:50
Share with:

2023 Zhongguancun සාකච්ඡා මණ්ඩපයට චීන ජනාධිපතිවරයා ඊයේ (25) සුබ පැතුම් ලිපියක් යොමු කළේ ය. වර්තමානයේ නවමු ආකාරයෙන් සිදු වන විද්‍යා-තාක්ෂණික විප්ලවය හා කාර්මික පරිවර්තනය යන්න ගැඹුරු සංවර්ධනයකි. මානවයන් එම පොදු සංවර්ධනයේ ගැටළු විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව, විවෘතභාවය සහ පොදු ජයග්‍රහණ ලබා ගැනීම වෙන කවරදාටත් වඩා අවශ්‍ය වන බව හෙතෙම එම සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙයි. මේ සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ජයග්‍රාහී උපාය මාර්ගයක් චීනය අනුගමනය කරයි. ඒ ඒ රටවල් සමග විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කරමින්, විද්‍යාව හා තාක්‍ෂණ අංශයෙන් ලෝකයේ ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභ ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බවද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

" විවෘත සහයෝගීතාවය සහ හවුල් අනාගතය " යන තේමාවෙන් 2023 Zhongguancun සාකච්ඡා මණ්ඩපය ඊයේ බෙයිජිං හිදී ආරම්භ කෙරිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම