ලෝකය නොමැතිව චීනයට දියුණු විය නොහැකි අතර, ලෝක සංවර්ධනයටත් චීනය අවශ්‍ය වන බව, චීන විදේශ අමාත්‍යංශය පවසයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(26) මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, චීනය පළමු පන්තියේ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම අඛණ්ඩව කරගෙන යනු ඇති අතර, ලොව පුරා සමාගම් සමඟ චීන වෙළඳපොළ සහ විවෘත කිරීමේ වාසිය බෙදා ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බවයි.
වාර්තාවලට අනුව, මේ දිනවල පැවැත්වෙන 2023 ගෝලීය වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන සමුළුවේ සමාරම්භක උත්සවයේ දී, බොහෝ සහභාගිවන්නන් චීනයේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සුභවාදී අදහස් පළ කළහ.
චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලයේ මෑතකදී සමීක්ෂණයකට අනුව, සම්මුඛ පරීක්ෂණයට ලක් වූ විදේශ අරමුදල් සහිත ව්‍යවසායන්ගෙන් 92.4% ක් චීනයේ ආර්ථික සංවර්ධනයේ අපේක්ෂාවන් පිළිබඳව ශුභවාදී අදහස් පළ කර ඇත. ගෝලීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා චීනයේ උද්යෝගය නොනැසී පවතින බව, Mao Ning මහත්මිය සඳහන් කළා ය.