ආසියා-පැසිෆික් කලාපයේ නේටෝවේ මැදිහත්වීම කලාපීය සාමය සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට හේතුවක් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2023-05-26 19:07:10
Share with:

ජපාන අගමැති ජූලි මාසයේ නේටෝ සමුළුවට සහභාගී වීමට සැලසුම් කරයි. මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, චීනය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි. ආසියා පැසිෆික් කලාපය උතුරු අත්ලාන්තික් සාගරයේ භූගෝලීය කාණ්ඩයට අයත් නොවේ. ආසියා-පැසිෆික් කලාපයේ නේටෝවේ මැදිහත්වීම කලාපීය සාමය සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට බැඳී ඇතැයි ඇය සඳහන් ක‍ළා ය.

ජපානය ඉතිහාසයෙන් පාඩම් උකහා ගෙන සාමකාමී සංවර්ධන මාවතට අවධානය යොමු කළ යුතුය. කලාපයේ රටවල් අතර අන්‍යෝන්‍ය විශ්වාසය පළුදු වන සහ කලාපීය සාමය සහ ස්ථාවරත්වය පලුදු වන දේ ජපානය නොකළ යුතු බව, Mao Ning මහත්මිය අවධාරණය කළා ය.

වාර්තාවලට අනුව, ජපාන අගමැති Fumio Kishida ජූලි මාසයේදී ලිතුවේනියාවේ පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවට සහභාගී වීමට කටයුතු සම්පාදනය කරයි. ඔහු නේටෝ මහලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, මේ මාසයේ ටෝකියෝ හි සම්බන්ධතා කාර්යාලයක් විවෘත කිරීමට සැලසුම් සාකච්ඡා කරනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම