චීන සහ කොංගෝ ජනපතිවරු හමුවෙති
2023-05-26 20:02:49
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කොංගෝ ජනාධිපති Félix-Antoine Tshisekedi Tshilombo මහතා හමු වේ.

අද (26) පස්වරුවේ බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සංචාරයක් සඳහා පැමිණ සිටින කොංගෝ ජනාධිපති Félix-Antoine Tshisekedi Tshilombo මහතා හමු විය. චීන-කොංගෝ මිත්‍රත්වය දෙරට ජාතික විමුක්තිය වෙනුවෙන් හා යටත්විජිතවාදී ආක්‍රමණයට එරෙහි සටන් කළ යුගයේ සිට ගොඩ නැගුණු බව ෂී ජින් පිං මහතා එහිදී ඉතිහාසය සිහි කරමින් කියා සිටියේ ය. මෙම දිගුකාලීන මිත්‍රත්වය මෑත වසරවල වඩාත් ශක්තිමත් වී තිබේ. මේ වන විට චීනය හා කොංගෝව විවිධ ක්ෂේත්‍රවල සමීප ව බැඳී සිටී. කොංගෝවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා චීනය පෙර සේම ‍සහය ලබා දෙන බවට චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රතිඥා ලබා දුන්නේ ය. ජාත්‍යන්තර කටයුතුවලදී කොංගෝව සමග එක්ව සහයෝගිතාව හා සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් සැබෑ බහුපාර්ශ්වවාදය ක්‍රියාවට නංවාලීම හා ජගත් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කිරීමට චීනය කැමති බව චීන ජනාධිපතිවරයා පැවසීය. වත්මන් ගෝලීය තත්ත්වය යටතේ චීනය කොංගෝව ඇතුළු අප්‍රිකානු රටවල් සමග වඩාත් සමගිය හා සහයෝගිතාව තහවුරු කිරීමේ වැදගත්කම හෙතෙම අවධාරණය කළේ ය.

කොංගෝ-චීන මිත්‍රත්වය විවිධ යුගවල පරීක්ෂණවලට ඔරොත්තු දී ඇතැයි Tshilombo මහතා එම හමුවේදී කියා සිටියේ ය. චීනය දිගු කාලයක් තිස්සේ කොංගෝවට ලබා දුන් සහනාධාර පිළිබඳව හෙතෙම සිය කෘතඥතාව පළ කළේ ය. ආර්ථික, වෙළඳ, යටිතල පහසුකම්, සෞඛ්‍ය හා වෛද්‍ය ඇතුළු ක්ෂේත්‍රවල චීනය සමග වඩාත් පුළුල් සහයෝගිතාවක් පවත්වමින් ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් සාරවත් කිරීමට කොංගෝව කැමැත්තෙන් සිටී. එකම චීනය ප්‍රතිපත්තිය නොවෙනස් ව අනුගමනය කරන බව ද කොංගෝ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම