අමෙරිකාව සහ චීනය අතරින් එකක් තෝරාගැනීමට ආසියාවට බල නොකරන්නැයි ජනපති ඉල්ලයි
2023-05-26 18:59:55
Share with:

එදිරිවාදිකම් ඇති බලවත් රාජ්‍යයන් දෙකක් වන ඇමරිකාව සහ චීනය අතරින් එකක් තෝරා ගැනීමට ආසියාතික රටවලට බල නොකරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බලවතුන්ගෙන් ඉල්ලා සිටියේය.

ජපානයේ නිල සංචාරය අතරතුර, ටෝකියෝ නුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ 'නික්කෙයි' සමුළුව ඊයේ(25) අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමරිකානු - චීන එදිරිවාදිකම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ආසියාව එම එදිරිවාදිකමේ තීරණාත්මක සාධකය බවට පත්ව ඇති බවයි. එසේම ආසියාන් රටවල් සහ චීනය අතර ආර්ථික අන්තර් රඳා පැවැත්ම ඉස්මතු කළ ජනාධිපතිවරයා ආසියාව දෙකඩ කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

ආසියානු කලාපයට අවශ්‍යව ඇත්තේ ඉන්දු පැසිෆික්, එක් තීරයක් - එක් මාවතක් සහ ආසියාන් දැක්ම උකහා ගත හැකි ආසියාවක් බවද ජනාධිපතිවරයා පැවසීය.

සියලු ආකාරයේ ආර්ථික බලපෑම් ප්‍රතික්ෂේප කරමින් ලෝක වෙළෙඳ සංවිධානයේ හරය වූ නීතිරීති මත පදනම් වූ බහුපාර්ශ්වික වෙළෙඳ ක්‍රමය ආරක්ෂා කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම