දිවි පුද කළ සාම සාධක හමුදාවේ ආරක්ෂක නිලධාරීන් සිහි කිරීමේ වැඩසටහන් රැසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ දී
2023-05-26 10:26:14
Share with:

දිවි පුද කළ සාම සාධක හමුදාවේ ආරක්ෂක නිලධාරීන්ට ‍ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාකාරකම් රැසක් පවත්වයි. එම වැඩසටහන් ඊයේ(25) New Yorkහි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ දී පැවැත්විණ. ලබන 29 වැනිදාට යෙදෙන එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ජාත්‍යන්තර දිනය මෙන් ම එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුමේ 75වැනි සංවත්සරය අනුස්මරණය කිරීම ද එහි අරමුණයි. වැඩසටහන් පැවැත්වූයේ එම සංවිධානයේ මහ ලේකම් António Guterres මහතාගේ ප්‍රධානත්වයෙනි.

හෙතෙම සාමාරක්ෂක නිලධාරීන්ගේ අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින්, වසර 1948 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය සුරැකීමේ මෙහෙයුම් තුළින් දිවි කැප කළ 4200කට වැඩි ආරක්ෂක නිලධාරීන් ‍ගෞරවයෙන් සිහිපත් කළේ ය.

අනතුරුව, පදක්කම් පිරිනැමීමේ උත්සවයට මහ ලේකම්වරයා එක්විය. 2022 වසරේ එක්සත් ජාතීන්ගේ සාමය සුරැකීමේ මෙහෙයුම් තුළින් දිවි පුද කළ ආරක්ෂක නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු 103දෙනෙකුට Dag Hammarskjöld පදක්කම් Guterres මහතා විසින් පිරිනැමීය. එමෙන්ම ජීවිතය පුද කළ චීන ආරක්ෂක නිලධාරීන්ට පිරිනැමූ පදක්කම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා විසින් ලබා ගනු ලැබීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම