ජූනි මුල වන විට නව කම්කරු නීතිය කෙටුම්පත් කිරීමේ සූදානමක්
2023-05-26 19:02:13
Share with:

නව කම්කරු නීති පද්ධතිය ජූනි මස මුල වන විට කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරන බවත්, එම දළ කෙටුම්පත ආයෝජන කලාපද ඇතුළුව සියලු ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව වෙත ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ අනුමැතිය ගැනීමට අපේක්ෂා කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා වන ඉන්ෆ්ල්ක්ස් බුද්ධිමය සංවාද වේදිකාවේ සිව් වැනි සැසියට 24වැනිදා එක් වෙමිනි.

යල් පැන ගිය මෙරට කම්කරු නීතිය වෙනස් කිරීම ජනතාවගේ අවශ්‍යතාවකි. අවම වැටුප සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා සහ ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් වඩාත් ශක්තිමත් කර නව සමාජ ආරක්ෂණ දැලක් නිර්මාණය කළ යුතුය. දේශීය ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් මෙන්ම වතු කම්කරුවන් සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කෙරේ. නිවාඩු නීති රීති යාවත්කාලීන කරමින් සක්‍රීය, ජවසම්පන්න, ඵලදායි ශ්‍රම බළකායක් බිහිකර ගැනීමට මෙමඟින් අපේක්ෂිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම