චීන රජය නොමිලේ ලබා දුන් භූමිතෙල් බෙදා හැරීම ඇරඹේ
2023-05-25 18:54:25
Share with:

චීන සමූහාණ්ඩුවෙන් මෙරට ධීවරයන්ගේ යාත්‍රා සඳහා ආධාර වශයෙන් ලබා දුන් භූමිතෙල් එම යාත්‍රා හිමියන්ට නොමිලේ බෙදා දීමේ සමාරම්භක උත්සවය 23 වැනිදා පාණදුර ධීවර වරායේදී පැවැත්විණ. මේ යටතේ දිස්ත්‍රික් 15ක ධීවර යාත්‍රා 27,000කට එක් යාත්‍රාවකට ලීටර 150 බැගින් භූමි තෙල් නොමිලේ සැපයේ. මේ සහනාධාරය යටතේ ධීවරයන්ට බෙදා හරින මුළු භූමිතෙල් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 1195කට ආසන්නවේ. එක් ධීවරයකුට හිමි වන භූමිතෙල් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 44,250කි.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත සහ චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම