2023 ගෝලීය වෙළඳ ආයෝජන ප්‍රවර්ධන සමුළුව බෙයිජිං‍හිදී ආරම්භ වේ
2023-05-25 11:26:47
Share with:

2023 ගෝලීය වෙළඳ ආයෝජන ප්‍රවර්ධන සමුළුව ඊයේ (24) පස්වරුවේ චීනයේ බෙයිජිං හිදී පැවැත්විණ. විදේශීය දේශපාලන නියෝජිතයින්, ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් සහ ආර්ථික ආයතනවල ප්‍රධානීන්, වෙළෙඳ ප්‍රවර්ධන ආයතනවල ප්‍රධානීන්, ඇතුළු දේශපාලන, ව්‍යාපාර, පර්යේෂණ යන සෑම ක්ෂේත්‍රයකම පුද්ගලයින් මෙන්ම ලොව ප්‍රමුඛතම ව්‍යවසායකයන් 500ක් පමණ මෙම සමුළුවට සහභාගී වූහ. ලෝක ආර්ථික සංසදයේ නිර්මාතෘ සහ විධායක සභාපති Klaus Schwab මහතා එහිදී අවධාරණය කළේ එක්ව කටයුතු කිරීමෙන් සහ ජයග්‍රාහී තත්ත්වයන් නිර්මාණය කිරීමෙන් පමණක් නව ආර්ථික ප්‍රබෝධයක් ළඟා කර ගත හැකි බවයි.

නව සංවර්ධන බැංකුවේ සභාපතිනි Dilma Rousseff මහත්මිය පැවසුවේ, සමහර රටවල් ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදය අනුගමනය කරමින්, ඊනියා බෙදීම් ප්‍රතිපත්තියක් තුළින් චීනය මර්දනය කිරීමට උත්සාහ කරන අතර,  එය වර්තමාන ගෝලීය රටාව මුහුණ දෙන ප්‍රධාන තර්ජනය වන බවයි.

මෙහිදී ඉදිරිපත් කෙරුණු “2023 ගෝලීය වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන සමුළුවේ බෙයිජිං මුල පිරීමට” කරුණු පහක් අන්තර්ගත වේ.  විශ්වාසය හා ඒකාබද්ධ සහයෝගීතාව පවත්වා ගෙන යාම, ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වය මෙහෙයවීම, නවෝත්පාදන මත පදනම් වූ සංවර්ධනයට අනුගත වීම, හරිත සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ කාර්මික හා වාණිජ ප්‍රජාවේ සුවිශේෂී කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම යනාදිය එම මුලපිරීමට ඇතුළත් වේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම