චීන වාණිජ අමාත්‍යවරයා සහ ඇමරිකානු වාණිජ ලේකම්වරිය අතර සාකච්ඡා නුදුරේදී
2023-05-25 19:46:34
Share with:

චීන වාණිජ අමාත්‍ය වං වෙන් ටාඕ මහතා ඇමරිකානු වාණිජ ලේකම් Gina Raimondo මහත්මිය සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකා ෂු ජුයේ ටිං මහත්මිය අද (25) එම අමාත්‍යාංශය පැවැත්වූ නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා ය. අද සහ හෙට යන දෙදිනයන්හි එපෙක් සංවිධානයේ වෙළඳ අමාත්‍යවරුන්ගේ සමුළුව ඇමරිකාවේ පැවැත්වේ. චීන වාණිජ අමාත්‍ය වං වෙන් ටාඕ මහතා ඊට එක්ව සිටී. එම සමුළුව පැවැත්වෙන කාලයේ වං වෙන් ටාඕ ඇමතිවරයා ඇමරිකානු වාණිජ ලේකම් Gina Raimondo මහත්මිය සහ ඇමරිකානු වෙළඳ නියෝජිත Katherine Tai මහත්මිය සමග වෙන් වෙන් ව සාකච්ඡා පවත්වනු ඇතැයි ෂු ජුයේ ටිං මහත්මිය මාධ්‍ය හමුවේදී කියා සිටියා ය. ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සම්බන්ධතා සහ චීනය හා ඇමරිකාව පොදුවේ සැලකිල්ල දක්වන කරුණු පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගනු ඇති බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම