පලස්තීන භූමිය හා සම්පත් අයුතු ලෙස අල්ලා ගැනීම නතර කරන ලෙසට චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරයි.
එක්සත් ජාතීන් ගේ චීන උප ස්ථාවර නියෝජිත ගෙන්ග් ෂුවන්ග් මහතා මේ බව සඳහන් කළේ පලස්තීන ප්‍රශ්නය ඇතුළු මැද පෙරදිග තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(24) පැවැත්වූ රැස්වීමේදී ය.
අත්පත් කර ගෙන ඇති භූමි ප්‍රදේශ නීති විරෝධී ලෙසින් ව්‍යාප්ත කිරීම වහාම නතර කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.එවැනි ජනපදකරණ ක්‍රියාකාරකම් එක්සත් ජාතීන්ගේ 2334 යෝජනාවට පටහැනිය.
මෙම වසර ආරම්භයේ සිට ඊශ්‍රායලය ඒකපාර්ශ්වික ක්‍රියාවන් අඛණ්ඩව සිදු කරමින් නව ජනපද බිහි කිරීම හා ඒවා නීත්‍යනුකූල කිරීමේ නිරතව සිටින්නේ යැයි ද ගෙන්ග් ෂුවන්ග් මහතා කීය. ආගමික ස්ථාන පිළිබඳ අදහස් දැක්වූ චීන නියෝජිතයා පැවසුවේ ජෙරුසලමේ ආගමික ස්ථානවල ඓතිහාසික තත්ත්වයන්ට ගරු කළ යුතු බවයි.