චීන විදේශ ඇමතිවරයා හා ඉතියෝපියා උප අග්‍රාමාත්‍යවරයා හමු වෙති
2023-05-25 16:26:49
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික විදේශ ඇමති Qin Gang මහතා අද(25) බෙයිජිංහිදී ඉතියෝපියා උප අග්‍රාමාත්‍ය විදේශ ඇමති Demeke Mekonnen මහතා හමු විය. ඉතියෝපියාව සාමය තහවුරු කිරීමේ හා වර්ධනය වෙත අවධානය යොමු කිරීමේ තීරණාත්මක අවධියක පසුවන බව Qin Gang මහතා එම හමුවේදී පැවසීය. දෙරටේ විවිධ ක්ෂේත්‍ර වල සහයෝගිතා ගැඹුරු කරමින් පශ්චාත් යුද ඉතියෝපියාව යළි ගොඩගැනීම හා සංවර්ධනයට සහය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම කීය. චීනය මුල සිට ම සාමයට මුලපිරීම හා සාමය ආරක්ෂා කිරීම පිළිබඳව ඉතියෝපියාවේ ප්‍රශංසාව පළ කෙ‍රිණ. ජාත්‍යන්තර කටයුතුවලදී දෙපාර්ශ්වයේ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම හා ජාත්‍යන්තර සබඳතා මූලධර්මය රැක ගැනීමට ඉතියෝපියාව කැමැතෙන් සිටින බව Demeke Mekonnen මහතා එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම චීන අප්‍රිකා සහයෝගිතා පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කළහ. අප්‍රිකාව ප්‍රමුඛ රාජ්‍යතාන්ත්‍රික දිශාව ලෙස චීනය මුල සිට ම සලකන අතර දෙපාර්ශ්වය අඛණ්ඩව අත්වැල් බැඳ එකමුතුව, මිතුදම ශක්තිමත් කරමින් හා පොදුවේ සංවර්ධනය සිදු කළ යුතු බව Qin Gang මහතා අවධාරණය කළේය. චීන නවීනකරණ ජයග්‍රහණය මගින් අප්‍රිකානු රටවල් ස්වාධීනව වර්ධනය කඩිනම් කිරීම දිරිමත් කරනු ඇතැයි Demeke Mekonnen මහතා කීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම