චීන-ලාඕස දුම්රිය මාර්ගයෙන් දෙරටේ වර්ධනය ප්‍රවර්ධනය කෙරේ
2023-05-25 19:01:28
Share with:

චීන ලාඕස දුම්රිය මාර්ගය, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ පොදු සංවර්ධනයේ පිළිබිඹුවක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය. අදාළ රටවල් සමග පොදු සංවර්ධනය හා පොදු සමෘද්ධිය සාක්ෂාත් කිරීමට චීනය කැමැත්තෙන් සිටී. චීන ලාඕස දුම්රිය මාර්ගයෙන් ලාඕසයේ රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කර තිබේ. එම දුම්රිය මාර්ගය ක්‍රියාත්මක කිරීමෙන් පසු ලාඕස ජාතිකයන් 3500කට වැඩි පිරිසක් බඳවා ගෙන ඇති බව Mao Ning මහත්මිය කීවාය. ඉන් ඍජු නොවූ ආකාරයේ රැකියා ලක්ෂයක් නිර්මාණය කෙරිණ. චීන ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ දෙරටේ වෙළඳ ගනුදෙනුව ප්‍රවර්ධනය කරමින් ලාඕස හා තායිලන්ත භාණ්ඩ ටොන් මිලියන 3.26ක් චීනයට ‍අපනයනය කර තිබේ. බොහෝ ආසියාන් සංගමයේ රටවල් එම මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහන කරමින් සිටින බව Mao Ning මහත්මිය අවධාරණය ක‍ළාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම