ජනපති ජපන් අගමැති හමුවෙයි
2023-05-25 18:48:58
Share with:

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජපානය ලබා දෙන සහයෝගය පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙහිදී සිය ප්‍රසාදය පළ කළේය.

මීට සමගාමීව ජපානයේ ටෝකියෝ හි පැවති ආසියාවේ අනාගතය පිළිබඳ Nikkei සංසදයට ද ජනාධිපතිපතිවරයා සහභාගී විය.

ගෝලීය ජනගහනයෙන් 60%කගේ නිවහන සහ ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාව ලෝකයට ඉතා වැදගත් කාරයභාරයක් ඉටුකරන බව හෙතෙම එහිදී පැවසීය.

ආසියාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග තුනක් පවතින බව කී ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මානව හිමිකම්, දේශගුණික විපර්යාස සහ වෙළෙඳ ඒකාබද්ධතාවය එම ප්‍රධාන අභියෝග වන බව සඳහන් කළේය.

ආසියානු රටවල මානව හිමිකම් පිළිබඳ සහ විවිධ දේශපාලන පද්ධති සහ නිර්වචනවලට ගරු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම