ජූලි මස සිට විදුලි බිල අඩු කිරීමේ යෝජනාවක්
2023-05-25 18:53:39
Share with:

ඒකක බින්දුවේ (0) සිට 30 දක්වා විදුලිය පරිභෝජනය කරන පවුල් ලක්ෂ දාහතට වැඩි පිරිසකගේ විදුලි බිල ජූලි මාසයේ සිට සියයට 23කින් අඩු කිරීමට යෝජනා කර ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවැසීය.

එසේම ඒකක 31 සිට හැට දක්වා පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට නවයකින් අඩු කිරීමට යෝජනා කර ඇති බව පැවැසූ ඇමැතිවරයා ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය. හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිල අවමය සියයට 29 - 40 දක්වා අඩු කිරීමට ද යෝජනා කර ඇතැයිද ඒ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම