යුක්රේන අර්බුදය වළක්වා ගත හැකි ඛේදවාචකයක් විය හැකි බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2023-05-25 18:58:39
Share with:

යුක්රේන අර්බුදය වළක්වා ගත හැකි ඛේදවාචකයක් විය හැකි බව, චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(25) මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරමින් පැවසුවාය. අර්බුධයේ ප්‍රතිඵලය වූයේ යුරෝපීය ආරක්ෂක පාලනයේ ප්‍රතිවිරෝධතා පුපුරා යාමයි.

යුරේසියානු කටයුතු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත Li Hui මහතා මීට පෙර බර්ලිනයේ දී පෙන්වා දුන්නේ, යුරෝපා මහාද්වීපයේ දිගු කාලීන සාමයක් සඳහා, යුරෝපීය රටවල් අර්බුදයේ මූල හේතු පිළිබඳව සෙවීම ආරම්භ කළ යුතු අතර, රෝග ලක්ෂණ සහ මූල හේතු යන දෙකටම ප්‍රතිකාර කිරීමට ක්‍රම සොයා ගැනීමට, චීනය සහාය දෙන බවයි.

මේ පිළිබඳ Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, අද පවතින තත්ත්වයට වර්ධනය වී ඇති යුක්රේන අර්බුදයෙන් උගන්වා ඇති දෙය, වේදනාකාරී වන අතර, එය සියලු පාර්ශ්වයන් විසින් ගැඹුරින් ආවර්ජනය කිරීම වටින බවයි.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම