ඇමරිකාවේ නව චීන තානාපතිවරයා ධුරයේ රාජකාරි අරඹයි
2023-05-24 14:28:14
Share with:

ඇමරිකාවේ නව චීන තානාපතිවරයා සිය ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කරයි.

නව තානාපති Xie Feng මහතා ඊයේ(23) New York ගුවන් තොටුපළට ළඟා වී එහි සිටි දෙස්-විදෙස් මාධ්‍යයන් හා ඒ ඒ ක්ෂේත්‍ර වල නියෝජිතයන් සමග අදහස් හුවමාරු කළේ ය.

වර්තමානයේ චීන-ඇමරිකා සබඳතාව ප්‍රබල අසීරුතාවන්ට හා අභියෝගයන්ට මුහුණ දෙමින් පවතින බව Xie Feng මහතා කියා සිටී. සගයන් සමග එක්ව අධිෂ්ඨානශීලී ව සිය වගකීම් හා යුතුකම් ඉටු කිරීමට තමා සූදානම් බව ද හෙතෙම සඳහන් ක‍ළේය.

ෂී ජින් පිං ජනාධිපතිවරයා විසින් ‍අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී සම්බන්ධතා පැවැත්වීම හා සහයෝගිතාවෙන් පොදු-ජයග්‍රහණ අත්පත් කරගැනීම යන මූලධර්මය ඉදිරිපත් කර ඇති බව Xie Feng මහතා අවධාරණය කරයි. මෙය නව යුගයේ චීනය හා ඇමරිකාව අතර සම්බන්ධතාවයට පවතින නිවැරදි මාර්ගය වේ. ඇමරිකාවට චීනය සමග එක්ව මෙම දිශානතිය කරා ප්‍රයත්න දැරිය හැකි වෙතැයි චීනය අපේක්ෂා පළ කරයි. චීන-ඇමරිකා ඒකාබද්ධ නිවේදන 3 හි සඳහන් වන මූලධර්මය අනුව තායිවාන ප්‍රශ්නය ඇතුළු සංවේදී ගැටළු නිරාකරණය කළ යුතු ය. මතභේද පාලනය කර දෙරට සබඳතාව යථා තත්ත්වයට පත් කිරීමට ඇමරිකාවට හැකි වනු ඇතැයි චීනයේ අපේක්ෂාවයි.

තමා චීන ජනතාවගේ නියෝජිතයෙකු බව පැවසූ Xie Feng තානාපතිවරයා චීන-ඇමරිකානු අදහස් හුවමාරු හා සහයෝගිතා පැවැත්වීම තහවුරු කිරීම උදෙසා සිය රාජකාරි ඉටු කරන බව සඳහන් කළේය. මෙය සිය වැදගත් මෙ‍හෙවරක් බව ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම