චීන-එරිත්‍රියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 30 වැනි සංවත්සරයට දෙරට ජනාධිපතිවරු සුබ පැතුම් පිරිනමති
2023-05-24 18:57:25
Share with:

දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 30 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා එරිත්‍රියා ජනාධිපති Isaias Afwerki මහතා අද(24) අන්‍යෝන්‍ය වශයෙන් සුභපැතුම් පණිවුඩ පිරිනැමූහ.

ගෙවී ගිය වසර 30 තුළ දෙපාර්ශ්වය අවංක ලෙස මිතුදම වර්ධනය කරමින් ඒකාබද්ධව ඉදිරිට ගමන් කර ඇති බව ෂී ජින් පිං මහතා එම සුභපැතුම් පණිවුඩයේ සඳහන් කළේය. කේන්ද්‍රීය ලාභ හා වැදගත් ප්‍රශ්න පිළිබඳව දෙපාර්ශ්වය ස්ථීර ලෙස අන්‍යෝන්‍ය වශයෙන් සහය ලබා දී තිබේ. චීන එරිත්‍රියා සබඳතාව ඉහළින් අගය කරමින් Isaias Afwerki මහතා සමග දෙරටේ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව අඛණ්ඩව ඉහළ මට්ටමට ගෙන යාම ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා පැවසීය.

ජාතික ස්වාධීනත්වය වෙනුවෙන් චීනය එරිත්‍රියා ජනතාවට සදාචාරාත්මක සහ ද්‍රව්‍යමය සහාය ලබා දී ඇති බව Isaias Afwerki මහතා සිය පණිවුඩයේ සඳහන් කළේය. ගෙවී ගිය වසර 30 තුළ එරිත්‍රියා චීන සබඳතාව අඛණ්ඩව වර්ධනය වී තිබේ. දෙරටේ උපාය මාර්ගික සබඳතාවේ අනාගතය වෙත Isaias Afwerki මහතා දැඩි විශ්වාසය හා සුභපැතුම් පිරිනැමීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම