"Macao Science 1" චන්ද්‍රිකා දියත් කිරීම පිළිබඳව ෂී ජින් පිං මහතා විශ්වවිද්‍යාලයට සහ සිසුන්ට සුබ පතයි
2023-05-24 16:37:32
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(23) මැකෞ විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලීය පීඨයට සහ සිසුන්ට " Macao Science 1" අභ්‍යවකාශ ගවේෂණ චන්ද්‍රිකා දියත් කිරීම පිළිබඳව සුබ පැතුම් එක් කළේය.

ව්‍යාපෘතියේ පර්යේෂණ හා සංවර්ධනය සඳහා සහභාගී වූ පීඨයේ නියෝජිතයින්ට සහ සිසුන්ට පිළිතුරු ලිපියක් යොමු කරමින් චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් සහ දිරිගැන්වීම් එක් කර ඇත.මෑත වසරවලදී, අභ්‍යවකාශය වැනි ක්ෂේත්‍රවල මැකෞ සහ ප්‍රධාන භූමිය අතර ගැඹුරු විද්‍යාත්මක හා තාක්‍ෂණික සහයෝගීතාවය ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව ජනාධිපතිවරයා පැවසීය. චීනය විද්‍යාව හා තාක්‍ෂණයේ ගෝලීය ප්‍රමුඛයා බවට පත් කිරීමට සහ චීන නවීකරණය ඉදිරියට ගෙන යාමට දරන උත්සාහයන් පුළුල් ලෙස විවෘත වී තිබේ. මැකෞ හි ආර්ථිකය නිසි ලෙස විවිධාංගීකරණය කිරීමට මෙන්ම එහි "එක් රටක්, පද්ධති දෙකක්" සාර්ථක ලෙස භාවිතා කිරීමට මැකෞ දරන උත්සාහයට දායක වන ලෙස ෂී ජින් පිං මහතා සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

"Macao Science 1" චන්ද්‍රිකාව වයඹ දිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් 21වැනිදා අභ්‍යවකාශ ගත කරන ලදී. නිවුන් චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමෙන් පසු විශ්ව විද්‍යාලීය පීඨය සහ සිසුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළහ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම