ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් පහසුකම් නිර්මාණය කරන ලෙසට චීනය විවිධ රටවලින් ඉල්ලීමක් කරයි
2023-05-24 09:39:56
Share with:

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් පහසුකම් නිර්මාණය කරන ලෙස චීනය විවිධ රටවලින් ඉල්ලීමක් කරයි.

  එක්සත් ජාතීන්ගේ නිත්‍ය චීන නියෝජිත චාං ජුන් මහතා එම ප්‍රකාශය සිදු කළේ ඊයේ(23) ආරක්ෂක මණ්ඩලයේ පැවති ආහාර සුරක්ෂිත ප්‍රශ්නය හා ගැටුම්කාරී ප්‍රදේශවල සිවිල් වැසියන් ආරක්ෂා කිරීම පිළිබඳ විවෘත විවාදයට එක් වෙමිනි. සිවිල් වැසියන් සන්නද්ධ ගැටුම්වලින් වැඩිම හානියට ලක් වන ගොදුරුන් වන අතර ආහාර අර්බුදයෙන් මානුෂ්‍ය තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ. ගැටුම්වලට සම්බන්ධ පාර්ශ්වයන් කාන්තාවන් හා දරුවන් ඇතුළු පිරිස කෙරේ වැඩි සැලකිල්ල දැක්විය යුතු අතර මානුෂීය ආධාර සඳහා ප්‍රවේශය සහතික කළ යුතු බවට චාං ජුන් මහතා එහිදී ආයාචනය කර ඇත.

ආධාරවලට කිසිදු පූර්ව කොන්දේසියක් නො පැණවිය යුතු අතර විකල්ප ලෙස එය සිදු නොකළ යුතුය. ඇමරිකාව දිගු කලක් පුරා ඇෆ්ගනිස්ථාන ජනතාවගේ විදේශයන්හි දේපල තහනම් කර ඇත. ඉන් එරටේ මානුෂවාදී අර්බුදය ආයාසයෙන් උග්‍ර කර තිබේ. ඇෆ්ගන් ජනතාවගේ හා ජගත් ප්‍රජාවේ හඬට මනාව සවන් දී ඇෆ්ගන් ජනතාවට ඔවුන්ගේම දේපල ආපසු ලබා දිය යුතු යැයි ද චීන නියෝජිතයා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම