විවිධ රටවල පොදු සංවර්ධනය ප්‍රවර්ධනයට එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ප්‍රබල ශක්තියක්
2023-05-24 17:31:45
Share with:

               එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ විවිධ රටවල පොදු සංවර්ධනය ඉදිරියට ගෙන යාමේ පුළුල් මාර්ගයක් බව චීනය අවධාරණය කරයි.

               එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක් වීමෙන් කාම්බෝජය ප්‍රායෝගික යහපත ලබාගෙන ඇතැයි පසුගිය දා කාම්බෝජ අග්‍රාමාත්‍ය  Samdech Hun Sen මහතා ප්‍රකාශ කර තිබේ. එම වැඩපිළිවෙළ යටතේ කාම්බෝජයේ යටිතල පහසුකම් සංවර්ධනය නව අදියරකට පිවිස ඇති අතර කාම්බෝජයේ අපනයනය හා රැකියා නියුක්තිය සඳහා එම වැඩපිළිවෙළ විශාල පිටුබලයක් සපයා දී ඇත. චීනයේ ප්‍රතිපත්ති කිසිදු රටකට එරෙහි නොවන බවත්, එම ප්‍රතිපත්ති කිසිදු රටක සංවර්ධනයට බාධා නොවන බවත්, කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

              විවිධ රටවල පොදු සංවර්ධනය  ඉදිරියට ගෙන යාම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ අරමුණ වී ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කාම්බෝජ අග්‍රාමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියා ය. ගෙවුණු වසර 10 තුළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ජනප්‍රිය ගෝලීය සහයෝගිතා වේදිකාවක් බවට පත්ව තිබෙන ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම