කොළඹ වරායේ නැ‍ඟෙනහිරහිර පර්යන්තයේ ඉදිකිරීම් මේ වසරේ නිමයි
2023-05-24 18:45:50
Share with:

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මේ වසර අවසන් වීමට පෙර නිම කරන බවට වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සහතික වී තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැඟෙනහිර පර්යන්තයේ (ECT) දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම කොළඹ වරායේදී සිදු විය.

නැඟෙනහිර පර්යන්තයේ පළමු අදියර යටතේ මීටර් 600ක් ඉදිකොට ඇති අතර, එහි දෙවන අදියර යටතේ මීටර් 720ක් ඉදිකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ආයෝජන වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 230කි. මෙයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තම අරමුදල් යොදවන අතර, පර්යන්තය ඉදිකිරීමෙන් පසු එහි බහලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 3ක් වනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම