උතුර-නැගෙනහිර සහ වයඹට ආයෝජන කලාප 6ක්
2023-05-24 18:46:36
Share with:

රටේ වේගවත් ආර්ථික දියුණුවක් අපේක්ෂාවෙන් උතුර, නැඟෙනහිර සහ වයඹ පළාත්වල නව ආයෝජන කලාප 06ක් ඉදි කිරීමට රජය සැලසුම් කර තිබේ.

දැනට ඇති කලාපවල ඉඩකඩ සීමිත බැවින් මෙසේ අලුත් ආයෝජන කලාප ඉදි කිරීමට පියවර ගෙන ඇත. කෘෂිකර්ම අපනයනය මූලික කර ගනිමින් එම ආයෝජන කලාප පිහිටුවන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

මේ වන විට ත්‍රිකුණාමලය සහ මාන්කුලම්, පරන්තන් සහ කේ.කේ.එස්. යන ප්‍රදේශවලත් වයඹ පළාතේ ඉරණවිල සහ බිංගිරිය යන ප්‍රදේශවලත් නව කර්මාන්තපුර ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සහ මූලික අදියර ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන් අපනයන කෘෂි කර්මාන්තය සඳහා මහවැලියේ ඒ සහ බී යන සැලසුම් හඳුනාගෙන ඇති අතර පොලොන්නරුව, අම්පාර ආශ්‍රිතව ඇති ඉඩම් අපනයන කෘෂි කර්මාන්ත ඉඩම් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ද හෙතෙම සඳහන් ක‍ළේය.

ගුවන් විදුලිය
20230921බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම