ඇතැම් බටහිර රටවල් මානව හිමිකම් මුවාවෙන් කරන චෝදනාවන්ට ටිබෙටයේ සංවර්ධනය නවතාලිය නොහැක
2023-05-24 21:35:37
Share with:

               

               “ රටක වැදගත් ම මානව හිමිකම වන්නේ මහජනතාවගේ සතුටයි. එම සතුට ලබාගැනීමට නම් සංවර්ධනය අවශ්‍ය වෙනවා. ” යනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (23) “ 2023 වසරේ චීනයේ ටිබෙට් ස්වායත්තයේ සංවර්ධන සංසදයට” යොමු කළ සුබපැතුම් ලිපියේ සඳහන් කර ඇත.

                   මීට වසර 72කට පෙර මැයි මස 23වැනි දා චීන දේශභූමියේ කොටසක් ව තිබූ ටිබෙටය සාමකාමී ව විදෙස් බෙදුම්වාදීන්ගෙන් නිදහස් කරනු ලැබිණ. එතැන් සිට ‍ටිබෙටය නව පෙරළියකට ප්‍රවේශ විය. ඉන් අනතුරුව චීන මධ්‍යම රජය ක්‍රියාත්මක කළ ප්‍රජාතන්ත්‍රික ප්‍රතිසංස්කරණය මගින් ‍ටිබෙටයේ මිලියන සංඛ්‍යාත දාසයෝ නිදහස් වී රටේ හා සමාජයේ ස්වාමිවරුන් බවට පත් වූහ. ටිබෙට් ජනතාවගේ මානව හිමිකම් උපරිමයෙන් සහතික කර තිබෙන බැවින් එය ටිබෙට් ස්වායත්තයේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට විශාල රුකුලක් විය. 1951 වසර හා සසඳන විට 2022 වසරේ ටිබෙටයේ දළ දේශීය නිෂ්පාදිතය 346.8 ගුණයකින් වැඩි වී තිබේ. සාමකාමී විමුක්තියට පෙර ටිබෙටයේ සාක්ෂරතාව පැවතියේ 95%ක ප්‍රතිශතයක ය. එහෙත් මේ වන විට ටිබෙටයේ සාරක්ෂරතා ප්‍රතිශතය 100%කට පැමිණ තිබේ. ගත වූ දශකයේ මධ්‍යම රජය ටිබෙට් ස්වායත්තය සඳහා වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදනවලින් 80%ක් ආවරණය කර ඇත්තේ අධ්‍යාපන, වෛද්‍ය හා සෞඛ්‍ය ඇතුළු ජන ජීවිතයට අදාළ ක්ෂේත්‍ර සඳහාය. 2019 වසර වන විට මධ්‍යම රජය ටිබෙට් ස්වායත්තය සහමුලින් ම අන්ත දිළිඳුකමින් මුදවා ගැනීමට සමත් විය.

                  චීන මධ්‍යම රජය ටිබෙටයේ හා එහි ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ කැපවීම් හමුවේ වුව ද ඇතැම් බටහිර රටවල් මානව හිමිකම් මුවාවෙන් චීනයට මඩගැසීමට වෙර දරමින් සිටී.එහෙත් එම රටවල් කොපමණ වෑයම් දැරුව ද චීනයේ ටිබෙට් ස්වායත්තය දිනෙන් දින සංවර්ධනය වන සත්‍යය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැක. චීනය චීන ලක්ෂණවලින් යුත් නවීකරණය ඉදිරියට ගෙන යාමේ නව මඟ ඔස්සේ ‍ටිබෙට් ස්වායත්තය චීනයේ සෙසු ප්‍රදේශ සමග ගමන් කරමින් සිටී. සත්‍ය හමුවේ කවර දිනෙක හෝ එම බටහිර රටවල් ප්‍රචලිත කළ කටකතා විසුරුවා හැරේවි..

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම