චීන ජනාධිපති හා රුසියානු අග්‍රාමාත්‍ය අතර හමුවක්
2023-05-24 19:47:20
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(24) බෙයිජිං හිදී රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා හමු විය. 

ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ, දෙපාර්ශවය විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ මට්ටමකට රැගෙන යන මෙන්ම, නව යුගයේ දෙරට අතර සම්බන්ධීකරණයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ අරුත අඛණ්ඩව පොහොසත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. දෙපාර්ශ්වය ආර්ථික, වෙළඳ සහ ආයෝජන සහයෝගීතාවයේ මට්ටම අඛණ්ඩව වැඩිදියුණු කළ යුතු අතර, ද්විපාර්ශ්වික සහයෝගීතා පද්ධති සහ යාන්ත්‍රණ වැඩිදියුණු කළ යුතු ය. බලශක්තිය හා අන්‍යෝන්‍ය සම්බන්ධතාව යන සහයෝගිතාව තහවුරු කිරීම සහ පුළුල් කළ යුතු ය. එකිනෙකාගේ මූලික අවශ්‍යතා පිළබඳ ගැටළු සම්බන්ධයෙන් රුසියාව සමඟ එකිනෙකාට ස්ථිරව සහයෝගය දැක්වීමට චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය.

Mikhail Mishustin මහතා එහිදී පෙන්වා දුන්නේ, දෙරටේ නායකයින් එළඹ ඇති වැදගත් එකඟතාව දැඩි ලෙස ක්‍රියාවට නැංවීම සඳහා, චීනය සමඟ කටයුතු කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බවයි. දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර නිරන්තර හමුවීම් සහ ඒ ආශ්‍රිත සහයෝගීතා යාන්ත්‍රණවලින් පූර්ණ ප්‍රයෝජන ගන්නා අතර, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව, Mikhail Mishustin මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම