න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කිරීමේ අරමුණට චීනය උපරිම සහාය ලබා දෙන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
2023-05-24 09:09:16
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Qin Gang මහතා ඊයේ (23) චීනයේ බෙයිජිංහිදී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Grossi මහතා හමුවිය.

චීනය ආත්මාරක්ෂක න්‍යෂ්ටික උපාය මාර්ගය දැඩි ලෙස අනුගමනය කරන බවත්, න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ ගිවිසුම මත පදනම්ව ජාත්‍යන්තර න්‍යෂ්ටික අවිහරණ පද්ධතිය පවත්වාගෙන යාමට දැඩි ලෙස කැපවී සිටින බවත්, Qin Gang මහතා පැවසීය. එසේම, න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කිරීමේ අරමුණට චීනය උපරිම සහාය දෙන බවත්, සිය න්‍යෂ්ටික ආරක්ෂාව ස්ථිරව ශක්තිමත් කරන බවත් ඔහු පැවසීය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය චීනය සමඟ සහයෝගීතාවයට විශාල වැදගත්කමක් ලබා දෙන බවත් ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීතාව පිළිබඳ අදාළ උපදේශන විනිවිදභාවයෙන් සිදු කරන බවත්, Rafael Grossi මහතා පැවසීය. එසේම, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය කිසිදු රටකින් න්‍යෂ්ටික දූෂිත ජලය බැහැර කිරීම කිසිසේත් අනුමත නොකරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම