ලෝක සෞඛ්‍ය සමුළුවේදී යළි යළිත් පරාජය වූ ඇමරිකාවේ ඊනියා යෝජනාව
2023-05-24 10:59:27
Share with:

“නිරීක්ෂකයෙකු ලෙස සහභාගි වීමට තායිවාන ප්‍රදේශයට ආරාධනා කිරීමේ” යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම, පසුගිය දා 76 වන ලෝක සෞඛ්‍ය සමුළුව විසින් ප්‍රතික්ෂේප කරන ලදි. මේ වන විට, ඇමරිකාව "තායිවානයට අනුබල දෙමින් ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගී වීමේ" කුමන්ත්‍රණය හත්වතාවක් පරාජයට පත් වී ඇත. එකම චීනය පිළිබඳ මූලධර්මය, යුගයේ ප්‍රවණතාව සහ ජගත් ප්‍රජාවේ පොදු අපේක්ෂාවක් බව ඉන් මනාව පිළිබිඹු වේ.

ලෝක සෞඛ්‍ය සමුළුව ගත එම තීරණයේ හේතුව හා පදනම ඇමරිකාවට සැබවින්ම පැහැදිලිය. ඊට මූලික සහ ප්‍රධානම හේතුව වන්නේ එම යෝජනාව ජාත්‍යන්තර නීති සහ එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය හා ලෝක සෞඛ්‍ය සමුළුව පිළිගත් එකම චීනය පිළිබඳ මූලධර්මය උල්ලංඝනය කිරීමකි. 

වාර්ෂිකව ඇමරිකාව උත්සාහ කරන මෙවැනි ක්‍රියාවන් පරාජයට පත්වුවද එය යළි යළිත් ක්‍රියාත්මක කරන්නේ ඇයිද යන්න විමසා බැලිය යුත්තකි. විශ්ලේෂකයෙකුට අනුව, එය ඇමරිකාව චීනයට බාධා කිරීමේ අරමුණෙන් යුතුව භාවිත කරන නිත්‍ය උපායකි. ඔවුන්ගේ උත්සාහය වනුයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින්ට “ජගත් අවකාශය” පුළුල් කිරීමට අනුබල දෙමින් තායිවාන ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කර  “චීනයක් හා තායිවානයක්" යන තත්ත්වය නිර්මාණය කිරීමයි. එය සැබවින්ම  ජාත්‍යන්තර ප්‍රජාවේ සම්මුතියට  අභියෝග කිරීමකි. 

ඊට අමතරව, මෙය ඇමරිකාව හා තායිවාන  ප්‍රදේශයේ ඊනියා පාලකයින් අතර ගනුදෙනුවේ කොටසක් ද වේ. සෑම වසරක ම ඇමරිකානු දේශපාලනඥයන්ට විශාල මුදල් ප්‍රමාණයක් පිරිනමන තායිවාන ප්‍ර‍දේශයේ ඊනියා පාලකයින් ඉන් ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කරයි. ඒ හේතුවෙන් සෑම වසරකම මෙම කාලයේ ‘තායිවාන ප්‍රදේශයට ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා සහාය වීම’ ඇමරිකාවේ හුදෙක් නිත්‍ය රඟපෑමක් බවට පත්වී ඇත. එහි ප්‍රතිඵලය කෙරෙහි ඇමරිකාව  සැලකිල්ලක් නොදක්වයි. ඊට හේතුව තායිවාන ප්‍රශ්නය සැම විටම ඇමරිකාවේ චෙස් පුවරුවේ ඉත්තකු පමණ වීමය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම