උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළට
2023-05-24 18:44:58
Share with:

ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව දේශීය වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 200ක් වන අතර ළමුන් සඳහා රුපියල් 30ක් අය කෙරේ.

එමෙන්ම විදේශීය වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3,000ක් වන අතර විදේශීය ළමුන් සඳහා එම ගාස්තුව රුපියල් 1,500ක් බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම