චීන-මධ්‍යම ආසියානු පුවත් ඒජන්සි සංසදය බෙයිජිං හිදී පැවැත්වේ
2023-05-24 17:40:09
Share with:

චීන-මධ්‍යම ආසියානු පුවත් ඒජන්සි සංසදය ඊයේ(23) චීනයේ බෙයිජිං නුවර දී පැවැත්විණ. මාධ්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීමෙන්, පොදු ඉරණමක් සහිත චීන-මධ්‍යම ආසියාවේ ප්‍රජාවක් ගොඩනැගීමට සහාය වීම මෙවර සංසදයේ තේමාවයි.

රැස්වීමට සහභාගි වූ විදේශ නියෝජිතයෝ චීන-මධ්‍යම ආසියානු නායක සමුළුවේ ප්‍රතිඵල ගැන ඉතා ඉහළින් අගය කළ අතර, කලාපීය සාමය සහ සංවර්ධනය සඳහා චීනයේ දායකත්වය පිළිබඳ ඔවුන් ප්‍රශංසා පළ කළහ. Xinhua ප්‍රවෘත්ති ඒජන්සිය ඇතුළු චීන මාධ්‍ය සමඟ හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටින බව ඔවුන් එහිදී ප්‍රකාශ කළහ.

චීන-මධ්‍යම ආසියානු පුවත් ඒජන්සි සංසදයේ බෙයිජිං එකඟතාව මෙවර සංසදයේ දී අනුමත කෙරිණ. මෙම ලේඛනයෙන් අවධාරණය කළේ, චීනයේ සහ මධ්‍යම ආසියානු රටවල් පහේ මාධ්‍ය සිය උත්සාහය ඒකාබද්ධ කර ප්‍රශංසාත්මකව කතා කළ යුතු අතර, නැගී එන වෙළඳපොලේ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල හඬ ශක්තිමත් කළ යුතු බවයි.

සංසදය අතරතුර, කසකස්තානය, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල් 4ක මාධ්‍ය ඒජන්සි, “එක් තීරයක් එක් මාවතක්”ආර්ථික තොරතුරු හුවමාරු ජාලයට සම්බන්ධ වූහ. බෙදාගැනීමේ ජාලයේ සාමාජික ආයතන සංඛ්‍යාව 53 දක්වා වර්ධනය විය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම