ඇමරිකාවේ ණය අර්බුදය ඩොලරයට අවදානමක් ඇති කරන බව‍ට අනාවරණයක්
2023-05-24 10:49:11
Share with:

පවතින ණය සීමාව පිළිබඳ ගැටලුව ඇමරිකානු ඩොලරයට සැබෑ අවදානමක් ඇති කරන බව ඇමරිකානු විශේෂඥයෝ පවසති.

ඇමරිකානු රජයේ ණය ප්‍රශ්නය ඵලදායී ලෙස විසඳා නොගතහොත්, එය රජයේ විශ්වසනීයත්වය සහ ජාත්‍යන්තර සංචිත මුදල් ලෙස ඇමරිකානු ඩොලරයේ තත්ත්වය දුර්වල කරන බව එරට ආර්ථික විශේෂඥයන් කනස්සල්ල පළ කර තිබේ.

එමෙන්ම ඇමරිකානු ඩොලරය සහ ඇමරිකානු භාණ්ඩාගාර බැඳුම්කර තවදුරටත් ගෝලීය වත්කම් සඳහා "ආරක්ෂිත තෝතැන්නක්" නොවීමට ද හැකියාවක් ඇත.

ඇමරිකානු ඩොලරය දිගු කලක් තිස්සේ ප්‍රමුඛතම ගෝලීය සංචිත මුදල් වර්ගයයි. ඇමරිකානු භාණ්ඩාගාර බැඳුම්කර සඳහා රජයේ ණය ඇපකරය හා ආර්ථික අනුබලය ද ලබා ගෙන ඇති අතර, සෑමවිටම ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ "ආරක්ෂිතම" ආයෝජන මෙවලම ලෙස ද සැලකේ.

ඇමරිකාව නැවත නැවතත් ණය අර්බුදයකට ගමන් කරමින් සිටී. මෙම තත්ත්වය නිසියාකාරව විසඳා නොගෙන, ණය පැහැර හැරීමක් දක්වා වර්ධනය වුවහොත් එය ඩොලරයට සැබෑ තර්ජනයක් වනු ඇති බව ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ණය ගැනීමේ උපදේශක කමිටුවේ සභාපතිනී සහ ගෝල්ඩ්මන් සැක්ස් සමූහයේ විධායක Beth Hammack මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම