ගෝලීය වශයෙන් භාණ්ඩ මිල පහත වැටීමේ ප්‍රවණතාවක්
2023-05-23 09:42:45
Share with:

ගෝලීය වශයෙන් වෙළඳ භාණ්ඩ මිල පහත වැටීමේ ප්‍රවණතාවයක් පවතින බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුව පසුගියදා ‘ගෝලීය භාණ්ඩ වෙළඳපොළේ ඉදිරි දැක්ම ’ පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් මේ බව අනාවරණය කළේ ය. නව කොරොනා වසංගතයෙන් පසු වේගවත්ම අනුපාතයකින් එය පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

එම වාර්තාවට අනුව, මෙම වසරේ භාණ්ඩ මිල පසුගිය වසරට සාපේක්ෂ ව සියයට 21කින් පහළ යනු ඇත. මෙම වසරේ බලශක්ති මිල ද සියයට 26කින් අඩු වන අතර, ආහාර මිල සියයට 8කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලෝක බැංකුවේ පුරෝකථන කාර්යාංශ අධ්‍යක්ෂ Ayhan Kose මහතා පවසන්නේ භාණ්ඩ මිල පහත වැටීම ගෝලීය උද්ධමන අනුපාතය අඩු වීමට හිතකර ලෙස බලපාන බවයි. එහෙත්, දුර්වල ඛනිජ තෙල් සැපයුම, දේශපාලන අර්බුදයන් මෙන් ම ආන්තික දේශගුණය ඇතුළු සාධක හේතුවෙන්, එහි මිල ගණන් ඉහළ යාමට සහ උද්ධමනයට ද හේතු විය හැකි බැවින් විවිධ රටවල මහ බැංකු තවදුරටත් සුපරීක්ෂාකාරී විය යුතු බව ද ඔහු කියාසිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම