චීන ජාතික කලා කෞතුකාගාරයේ පැරණි විශේෂඥවරුන්ට හා පැරණි කලාකරුවන්ට චීන ජනපතිගෙන් පිළිතුරු ලිපියක්
2023-05-23 12:17:10
Share with:

චීන ජාතික කලා කෞතුකාගාරයේ පැරණි විශේෂඥවරුන් හා පැරණි කලාකරුවන් වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පිළිතුරු ලිපියක් යොමු කරයි.

චීන ජාතික කලා කෞතුකාගාරය පිහිටුවීමේ 60වැනි සංවත්සරය නිමිත්තෙන් එහි සමස්ත කාර්ය මණ්ඩලයට උණුසුම් සුබ පැතුම් සහ සිය අවංක ආචාරය පිරිනමන බව පසුගිය 21 වනදා ෂී ජින්පිං මහතා යොමු කළ එම ලිපියේ සඳහන් කර ඇත. චීන ජාතික කලා කෞතුකාගාරයේ ඉතිහාසය නව චීනයේ කලාවේ සශ්‍රීක වර්ධනයට ප්‍රබල පිටුබලයක් වන බව ද ඔහු පැවසීය.

නව ගමනේදී චීන ජාතික කලා කෞතුකාගාරය නිවැරදි දේශපාලන දිශාවක හා ජනතාව වෙනුවෙන් සේවය ලබා දීමේ පරමාර්ථයෙහි එල්බ සිට මූලික සමාජ වටිනාකම් ආකල්පය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා කියාසිටියේය.

ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු එකතුකිරීම් මෙන්ම ඒවා උසස් මට්ටමකින් භාවිත කිරීම සහ උසස් මට්ටමේ ගුණාංගයන්ගෙන් යුතු සේවාවක් ලබා දීම යන චින්තනයට අනුකූලව කටයුතු කරමින්, නව යුගයේදී චීන ජාතික කලා කෞතුකාගාරය ජනතාවට සෞන්දර්ය රසවිඳීමේ හා සංස්කෘතික හැකියාව ඉහළ නැංවීමේ ජාතික හා ලෝක මට්ටමේ කලාත්මක ආයතනයක් ලෙස වර්ධනය කර ගත හැකි බව ද ෂී ජින්පිං මහතා එම ලිපියෙන් අවධාරණය කර ඇත. 


ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම