මූල්‍ය ප්‍රතිපත්තිවලදී ඇමරිකාව වගකීම් සහගත නොවුණහොත් එය ගෝලීය ආර්ථිකයට තර්ජනයක්
2023-05-23 19:37:08
Share with:

                වගකීම් සහගත ව මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

              පසුගිය දා ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen මහත්මිය එරට කොංග්‍රස් සභාවේ නායක මණ්ඩලයට ලිපියක් යොමු කර තිබේ. එළඹෙන ජුනි මස පළමු දාට පෙර කොංග්‍රස් සභාවට ණය සීමාව අත්හිටුවීමට හෝ ඉහළ නංවාලීමට නොහැකි වුවහොත් භාණ්ඩාගාරයට රජයේ බිල්පත්වලට සහය ලබා දිය නොහැකි වනු ඇතැයි ඇය එම ලිපියෙන් සඳහන් කර ඇත.

              මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා ය. ඇමරිකානු රජය වගකීම් සහගත ව මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිය මූල්‍ය අවදානම ලෝකය මත නොපටවනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ඇය එහිදී කියා සිටියා ය. ණය සීමාව පිළිබඳ ගැටළුව ඇමරිකාවේ අභ්‍යන්තර කටයුත්තකි. එහෙත්  ලොව විශාල ම ආර්ථිකය හිමි රට වශයෙන් ඇමරිකාවේ මූල්‍ය තත්ත්වය සහ මූල්‍ය ප්‍රතිපත්ති ලෝක ආර්ථිකයට විශාල වශයෙන් බල පාන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම