2023 වසරේ ගෝලීය වැදගත් කෘෂි සංස්කෘතික උරුම ලෙස චීන කෘෂි සංස්කෘතික උරුම හතරක් නම් කෙරේ
2023-05-23 10:43:30
Share with:

චීන කෘෂි සංස්කෘතික උරුම හතරක් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ 2023 වසරේ ගෝලීය වැදගත් කෘෂි සංස්කෘතික උරුම ලෙස නම් කෙරේ. 

2023 වසරේ ගෝලීය වැදගත් කෘෂි සංස්කෘතික උරුම නම් කිරීමේ සහතික ප්‍රදානෝත්සවය ඊයේ(22) එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධාන මූලස්ථානයේදී පැවැත්විණ. ලොව පුරා රටවල් 12ක අලුතින් පිළිගත් කෘෂි සංස්කෘතික උරුම ස්ථාන 24ක නියෝජිතයෝ මෙම උත්සවයට සහභාගි වූහ. චීනයේ Fujian පළාතේ Anxi ‍‍ Tieguanyin තේ සංස්කෘතික පද්ධතිය, චීන ඇතුළු මොංගෝලියාවේ Horqin තණබිම් පද්ධතිය, Hebei පළාතේ Shexian කෝරළයේ වියළි හෙල්මළු වගා බිම් පද්ධතිය සහ  Zhejiang පළාතේ Qingyuan හි ඒකාබද්ධ වන-බිම්මල් වගා පද්ධතිය යන චීනයේ කෘෂි සංස්කෘතික උරුම හතරක් ඊට ඇතුළත්ය. 

සුවිශේෂී ආකාරයෙන් සාම්ප්‍රදායික ක්‍රමවේද සහ දැනුම භාවිත කිරීම, විශේෂ ජෛව විවිධත්වය හා පරිසර පද්ධති නඩත්තු කිරීම යන ප්‍රමිතීන්ට අනුකූලව අදාළ කෘෂි උරුම ස්ථාන 2022 වසරේදී ගෝලීය වැදගත් කෘෂිකාර්මික උරුම ලෙස නිල වශයෙන් නම් කරනු ලැබිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම