2023 චීනයේ ටිබෙට් ස්වායත්තයේ සංවර්ධන සාකච්ඡා සභාව වෙත චීන ජනාධිපතිවරයාගෙන් සුභ පැතුම් පණිවුඩයක්
2023-05-23 17:16:15
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(23) 2023 චීනයේ ටිබෙට් ස්වායත්තයේ සංවර්ධන සාකච්ඡා සභාව වෙත සුභපැතුම් පණිවුඩයක් පිරිනැමීය. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය හා ටිබෙට් ස්වායත්තයේ ආණ්ඩුව විසින් ඒකාබද්ධව සංවිධාන කරන ලද එම සාකච්ඡා සභාව අද(23) බෙයිජිංහිදී ආරම්භ විය. “නව යුගය, නව ටිබෙට් ස්වායත්තය, නව ගමන——ටිබෙට් ස්වායත්තයේ අධික ගුණාත්මක භාවයෙන් යුතු වර්ධනය හා මානව හිමිකම් ආරක්ෂාව පිළිබඳ නව පරිච්ඡේදය” මෙවර සාකච්ඡා සභාවේ තේමාව බවට පත් වේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සුභපැතුම් පණිවුඩයේ සඳහන් වන පරිදි ජනතාවගේ සතුට වැදගත්ම මානව හිමිකමක් වන අතර සංවර්ධනය, ජනතාවට එය හිමිවීමට තීරණාත්මක සාධකයක් බවට පත් වේ. මධ්‍යම රජය හා සියළු ජාතිකයන්ගේ සහාය යටතේ ටි‍බෙට් ස්වායත්තයේ විවිධ ජාතීන් හා නිලධාරීන් උත්සාහ දැරීමෙන් වසර දහස් ගණනක් ටිබෙට්හි ඇති නිරපෙක්ෂක දරිද්‍රතාවය සම්පූර්ණයෙන්ම පිටුදැක තිබේ. ටිබෙට් ස්වායත්තය රටේ සෙසු ප්‍රදේශ මෙන්ම සම්පූර්ණයෙන්ම සුවපහසු සමාජයක් බිහි කරමින් සමෘද්ධිමත් වී ඇති බව ෂී ජින් පිං මහතාගේ එම පණිවුඩයේ සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම