හැඳුනුම්පත, පාස්පෝට්, උප්පැන්න, මරණ, විවාහ සහතික එකම ස්ථානයකින්
2023-05-23 16:09:15
Share with:

ජාතික හැඳුනුම්පත, ගුවන් ගමන් බලපත්‍රය, උප්පැන්න, විවාහ සහ මරණ සහතික අවහිරයකින් තොරව ජනතාවට එකම ස්ථානයකින් ලබා දීමට සැලසුම් කර තිබේ. ඉදිරි දෙමසකට පසු ජනතාවට එම පහසුව හිමි වන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සිය අමාත්‍යාංශයේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එමෙන්ම විදේශ ගමන් බලපත්‍රය පහසුවෙන් ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50කට පහසුකම් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් ඒ අනුව දින තුනක් වැනි කෙටි කලකින් තම විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.

මේ වසරේ දී ඊ- පාස්පෝට් හඳුන්වා දීම සිදු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය කමිටුවක් ද පත් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම