කඩිනමින් සටන් විරාමයකට එළඹෙන ලෙස සුඩානයේ ගැටුම්කාරී පාර්ශ්වයන්ගෙන් චීනය ඉල්ලීමක් කරයි
2023-05-23 09:41:35
Share with:

සුඩාන ප්‍රශ්නය පිලිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (22) විශේෂ රැස්වීමක් පැවැත්වීය. මෙම සාකච්ඡාවේදී චීනය නැවත වරක් සුඩානයේ ගැටුම්කාරී පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ කඩිනමින් සටන් විරාමයක් ඇති කර ගන්නා ලෙසයි. එමෙන්ම සංවාදයෙන් පවතින මතභේද විසඳා ගෙන, සුඩානයේ ජාතික සංවර්ධනයට අවධානය යොමු කළ යුතු බව ද චීනය අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Dai Bing මහතා කියා සිටියේ සුඩානයේ පවතින සන්නද්ධ ගැටුම් මාසයකට වැඩි කාලයක් තිස්සේ පැවති බවයි. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව, ගැටුම හේතුවෙන් පුද්ගලයින් 700,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති අතර, 200,000කට වැඩි පිරිසක් අසල්වැසි රටවලට පලා ගොස් ඇති අතර, මිලියන 25ක් පමණ මානුෂීය ආධාර අවශ්‍යව රැඳී සිටිති. පවතින මානුෂීය පීඩනයන් ලිහිල් කිරීම සඳහා සුඩානයට සහ සුඩානයේ අසල්වැසි රටවලට ලබා දෙන ආධාර වැඩි කරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. හැකි ඉක්මනින් සටන් නතර කරන ලෙස සුඩානයේ ගැටුම්කාරී පාර්ශ්වයන්ගෙන් චීනය ඉල්ලා සිටි බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම