චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ 20වන විගණන කමිටුවේ පළමු රැස්වීම ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙයි
2023-05-23 20:31:59
Share with:

           නව යුගයේ විගණන කටයුතු වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

          චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ 20වන විගණන කමිටුවේ පළමු රැස්වීම අද (23) පස්වරුවේ එහි අධ්‍යක්ෂ, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. රට සංවර්ධනය කිරීමේදී හා ජාතිය පුනර්ජීවනය කිරීමේදී විගණන කටයුතු ඉතා වැදගත් බව හෙතෙම එහිදී දේශනයක් පවත්වමින් කියා සි‍ටියේ ය. නව විගණන කමිටුව සිය කාර්යභාරය මැනවින් ඉටු කරන්නේ නම් නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදී චින්තනයේ මඟපෙන්වීම පිළිපැදිය යුතු ය. නව යුගයේ විගණන කටයුතු වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ඉදිරියට ගෙන යා යුතු බව හෙතෙම අවධාරණය කළේ ය. පක්ෂයේ හා රජයේ සියලු ‍කටයුතු සහතික කිරීම සඳහා කාර්යක්ෂම හා ඵලදායී විගණනයක් මහඟු පිටුබලයක් ලබා දෙන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම