යුනෙස්කෝව චීනයේ විද්‍යාව, තාක්‍ෂණය පිළිබඳ පළමු කාණ්ඩයේ ආයතනයක් පිහිටුවීමට පියවර ගනී
2023-05-23 19:34:20
Share with:

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ යෝජනාවකට අනුව චීනයේ ෂැංහයි හි විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය සඳහා වන පළමු වන කාණ්ඩයේ ආයතනයක් පිහිටුවීමට සූදානම් වේ. ඒ පිළිබඳ යෝජනාව ඊයේ(22) සම්මත කෙරිණ.

UNESCO විධායක මණ්ඩලයේ 216 වන සැසිවාරයේ දී ප්‍රකාශ කෙරුණේ එවැනි ආයතනයක් පිහිටුවීමෙන් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ සංවිධානයේ නායකත්වය ශක්තිමත් වන බවයි. එය යුනෙස්කෝවේ මෙහෙවර සහ තිරසාර සංවර්ධනය පිළිබඳ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට ද දායක වනු ඇත.

චීනයේ 1 කාණ්ඩයේ ආයතනයක් පිහිටුවීම සඳහා සම්මත කරගත් යෝජනාව එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන යුනෙස්කෝවේ මහා සම්මේලනයේ 42 වැනි සැසිවාරයේ දී අනුමත කළ යුතුය. අනුමත වූ පසු, එය චීනයේ පළමුවැන්න මෙන්ම යුරෝපයෙන් පිටත පිහිටවනු ලබන පළමුවැන්න ද වනු ඇත.

 

 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම