චීන රුසියා සබඳතාව වෙත බටහිර රටවල් කනස්සල්ලට පත් වීම අනවශ්‍ය කරුණක්
2023-05-23 20:09:57
Share with:

රුසියා අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා අද(23) ශැංහයිහිදී පැවති චීන රුසියා වාණිජ සාකච්ඡා සභාවට එක් වෙමින් පැවසුවේ චීන රුසියා සහයෝගිතා ශක්තිමත් කිරීම වෙත ඇතැම් බටහිර රටවල් කනස්සල්ල හෝ අප්‍රාසදය පළ කරනු ඇති අතර රුසියාවට සම්බන්ධ වීම හේතුවෙන් අදාළ සම්බාධක පැනවීමට කල්පනා කරන බවයි. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා MaoNing මහත්මිය පැවසුවේ සමානාත්මතාව හා අන්‍යෝන්‍ය වාසි මත රුසියාව ඇතුළු ලෝකයේ විවිධ රටවල් සමග චීනය අඛණ්ඩව ආර්ථික හා වෙළඳ සහයෝගිතා පවත්වා ගෙන තිබෙන බවයි. තුන්වන පාර්ශ්වයකට එරෙහිව චීන-රුසියා සහයෝගිතා ක්‍රියාත්මක නොකරන අතර තුන්වන පාර්ශ්ව‍යේ මැදිහත්වීම හා  බලහත්කාරකම එම සහයෝගිතාවට බලපෑමක් එල්ල නොවනු ඇත. ජාත්‍යන්තර නීතියේ පදනම හා ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය රහිත ද්වීපාර්ශ්වික සම්බාධක පැනවීම හා සෙසු රටවල සිය ර‍ටේ අධිකරණ බලය භාවිත කිරීමට (long-arm jurisdiction) චීනය මුල සිට ම විරෝධය පළ කරන බව MaoNing මහත්මිය කීවාය.

ගුවන් විදුලිය
20230923සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම