පවතින ණය සීමාව රටේ බිල්පත් ගෙවීමේ හැකියාව සීමා කරන බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය පවසයි
2023-05-22 13:24:18
Share with:

පවතින ණය සීමාව රටේ බිල්පත් ගෙවීමේ හැකියාව සීමා කරන බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen ඊයේ(21) පැවසුවාය. මෙලෙස බිල්පත් ගෙවීමට අපොහොසත් වීම කිසිසේත්ම "පිළිගත නොහැකි" තත්ත්වයක් බව ද ඇය කියා සිටියාය.

කොංග්‍රසයේ කිසිදු සම්මතවීමකින් තොරව ජෝ බයිඩන්ට 14වැනි සංශෝධනය භාවිත කොට ණය සීමාව ඒකපාර්ශ්විකව ඉහළ නැංවිය හැකිද යන්න පිළිබඳව බොහෝ සාකච්ජා ඇති වූ බව ද Janet L. Yellen පැවසුවාය. නමුත් නීතිමය අවිනිශ්චිතභාවය සහ දැඩි කාලසීමාවන් හේතුවෙන්, 14 වන සංශෝධනය භාවිත කිරීම නුසුදුසු යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම