අඩු කාබන් සහිත ජීවන රටාවක් සඳහා කසළ වර්ග කිරීම ප්‍රවර්ධනයට දායක වන ලෙස චීන ජනපති ඉල්ලා සිටී
2023-05-22 15:33:58
Share with:

කසළ වර්ගීකරණය ඉදිරියට ගෙන යාමේ දැඩි බලාපොරොත්තුවෙන් එය නව ජීවන විලාසිතාවක් ලෙස සලකා ඊට දායක වන ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ෂැංහයි හි නේවාසික ප්‍රජාවන්හි ස්වේච්ඡා සේවකයන්ගේ ලිපියකට පිළිතුරු දෙමින්, ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එම ලිපියේ, ෂී ජින් පිං මහතා, මහජන සුබසාධනය සඳහා ස්වේච්ඡා සේවකයන් දක්වන උද්‍යෝගය සහ ජනතාවට සේවය කිරීමට ඔවුන් තුළ ඇති දැඩි ආශාව පිළිබඳව තමා දැඩි ලෙස පැහැදුණු බව පැවසීය.මෑත වසරවල ප්‍රචාරණයෙන් පසුව, ප්‍රජාව කසළ වර්ගීකරණයේ නව ප්‍රගතියක් ලබා ඇති බවත්, එහි පදිංචිකරුවන්ගේ ශිෂ්ටාචාරය වැඩිදියුණු වී ඇති බවත්, එහි පරිසරය වඩාත් සුන්දර වී ඇති බවත් දැන ගැනීමට ලැබීම සතුටට කරුණක් බව ද ඔහු කියා සිටී.පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සහ සමස්ත සමාජය අතර ශිෂ්ටාචාරයේ මට්ටම වැඩිදියුණු කිරීම උදෙසා අඩු කාබන් ජීවන රටාවක් බවට පත් කිරීමට, එය ප්‍රවර්ධනය කිරීමට ස්වේච්ඡා සේවකයන්ට දායක වීමට හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව බහුවිධ උපදෙස් ලබා දෙමින් ෂී ජින් පිං මහතා සඳහන් කර ඇත.

මෑත වසරවලදී, චීනයේ ප්‍රාදේශීය මට්ටමින් නගර 297 ක කසළ වර්ග කිරීම සිදු කර ඇති අතර, නේවාසික ප්‍රජාවන්හි සාමාන්‍ය ආවරණ අනුපාතය සියයට 82.5 ක් බව ද වාර්තා වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම