විශ්වවිද්‍යාලවල ආරක්ෂාව ඉහළ නංවන ලෙස උපකුලපතිවරුන්ගෙන් ඉල්ලීමක්
2023-05-22 16:10:48
Share with:

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාලවල ආරක්ෂාව තර කර දෙන්නැයි එහි උපකුලපතිවරු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කරති.

විශේෂයෙන් විශ්වවිද්‍යාල අසල, ශිෂ්‍ය නේවාසිකාගාර අසල ආරක්ෂාව තවදුරටත් වැඩි කර දෙන ලෙස මෙසේ උපකුලපතිවරු ඇමතිවරයාගෙන් ඉල්ලා තිබේ. එමෙන්ම විශ්වවිද්‍යාල අසල රාත්‍රී මුර සංචාර වැඩි කරන ලෙසද ඉල්ලීමක් කර ඇත. මෙම විශ්වවිද්‍යාලවල ආරක්ෂක තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉකුත් 16, 17 සහ 18 දිනවල මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා උපකුලපතිවරු සහ මහාචාර්යවරු පිරිසක් අමාත්‍යංශයට කැඳවීය.

ඒ අනුව අමාත්‍යවරයා නේවාසිකාගාර අසල ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම