චීනයේ ප්‍රධාන ආරක්ෂිත වනජීවී ජනගහනය අඛණ්ඩව යථා තත්ත්වයට පත්වෙමින් පවතී
2023-05-22 17:27:34
Share with:

අද(22) ජාත්‍යන්තර ජෛව විවිධත්වය දිනයයි. චීනයේ 14වැනි පස් අවුරුදු සැලසුම් කාලය තුළ, දුර්ලභ හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ ශාක සංඛ්‍යාවේ ක්‍රමානුකූල වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව චීන රාජ්‍ය වන හා තණබිම් පරිපාලනය සඳහන් කර ඇත. එම ප්‍රමුඛ විශේෂයන් ආරක්ෂා කර ගැනීමේ පදනමක් ලෙස, සත්ව වාසස්ථාන සහ ප්‍රජනනය සඳහා පරිසරය ක්‍රමයෙන් වැඩිදියුණු කර ඇති බව ද වාර්තා වේ.

මෑත වසරවල, චීනය දැඩි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ ඉතා කුඩා වන ශාක ගහනය සඳහා, ආරක්ෂණ ව්‍යාපෘති ක්‍රමානුකූලව ක්‍රියාත්මක කර ඇත. එමඟින් එවැනි වන සතුන් සහ ශාක සංඛ්‍යාව 300 ඉක්මවා වර්ධනය වී තිබේ. 14වැනි පස් අවුරුදු සැලසුම් කාලය තුළ, ප්‍රධාන ආරක්‍ෂිත වන සතුන් සහ ශාක ආරක්ෂා කිරීම චීනය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. 2025 වන විට, චීන ජාතික ප්‍රධාන ආරක්ෂිත වනජීවී විශේෂවල ආරක්ෂණ අනුපාතය 75% දක්වා ළඟා වන බවට මෙන්ම, ජාතික ප්‍රධාන රක්ෂිතයන්හි වන ශාක විශේෂවල ආරක්ෂණ අනුපාතය 80% දක්වා ළඟා වන බවට සහතික කෙරෙන බව, චීන රාජ්‍ය වන හා තණබිම් පරිපාලනය පෙන්වා දුන්නේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම