වී ගොවීන්ට 22වැනිදා සිට සහනාධාර වවුචර්පත්
2023-05-22 16:10:09
Share with:

යල කන්නයේ වී වගා කරන ගොවීන්ට රසායනික හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම අද(22) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

යල කන්නයේ වී වගා කරන ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීම මෙහි අරමුණයි. ගොවීන් 650,000ක් සඳහා මෙම ප්‍රතිපාදන හිමිවන බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේය.

මෙම වැඩසටහන යටතේ වී වගා කරන හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් 40,000ක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට නියමිතය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම