සා/පෙළ උපකාරක පන්ති 23වැනිදා සිට තහනම්
2023-05-22 16:01:26
Share with:

හෙට (23) මධ්‍යම රාත්‍රී 12 සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට වු බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් වන බව නිවේදනයේ දැක්වේ.

මෙම නියෝග කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එළඹෙන මැයි 29 සිට ජුනි 08 වැනිදා දක්වා 2022 වසර සඳහා වූ අපොස සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතය.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම