කෙටි කාලීන වාසි නොතකා ජාත්‍යන්තර අපරාධයක් වැළැක්වීමට ජපානය පරාර්ථකාමී විය යුතුය
2023-05-22 21:28:23
Share with:

               

                 මෑතකදී පැවති ජී-7 කණ්ඩායමේ නායක සමුළුවේදී ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට බැහැර කිරීම සාධාරණීකරණය කිරීමට ජපානය වෑයම් දැරීය. එහෙත් ඊට සෙසු සාමාජික රටවලින් සක්‍රිය ප්‍රතිචාර නොලැබිණ. එම නායක සමුළුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ “ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට බැහැර කිරීම පිළි ගන්නා බව” නොව “ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය බැහැර කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට සහය දෙන බව ”සඳහන් වේ. ජර්මනිය ප්‍රධාන සාමාජික රටවල් ජපානය න්‍යෂ්ටික අපජලය මුහුදට බැහැර කිරීමට විරුද්ධ වීම ඊට ‍හේතු වී තිබේ.

                 ජී-7 කණ්ඩායම සැමවිටම සිය සාමූහිකත්වය හා සමගිය ප්‍රදර්ශනය කළ ද ජපානය ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට බැහැර කිරීම පිළිබඳව එම කණ්ඩායම තුළ සමගියක් දක්නට නොමැත. ජගත් ප්‍රජාව තුළ ඊට වඩා විරෝධයක් පවතී. ගෙවුණු වසර දෙක තුළ ජපාන ජනතාව , චීනය හා දකුණු කොරියාව ඇතුළු අසල්වැසි රටවල් පමණක් නොව පැසිෆික් දූපත් රටවල් ද ජපානයේ එම ක්‍රියාමාර්ගයට දැඩි ලෙස වි‍රෝධය පළ කර ඇත. මෙවර ජී-7 කණ්ඩායමේ නායක සමුළුව පැවති කාලයේ ජපානයේ විවිධ ප්‍රදේශවල ජනතාව විරෝධතා රැලි පවත්වමින් න්‍යෂ්ටික අපජලය මුහුදට බැහැර කිරීම ජාත්‍යන්තර අපරාධයක් කියා ජපාන රජය විවේචනය කර තිබේ.

               න්‍යෂ්ටික අවිවලින් බැට කෑ ලොව එකම රට වන්නේ ජපානයයි. එබැවින් න්‍යෂ්ටික විකිරණශීලිත්වය හා න්‍යෂ්ටික හානි පිළිබඳව සෙසු රටවලට වඩා ජපානය වඩාත් මනා අවබෝධයෙන් සිටී. එහෙත් ජපානය සිය න්‍යෂ්ටික අපජලය මුහුදට බැහැර කිරීමට දැඩි තීරණයක සිටී. සිය රටේ කෙටිකාලීන වාසි පිළිබඳ පමණක් සලකා අනාගත පරපුරට හා ලෝකවාසීන්ට විය හැකි හානි සැලකිල්ලට නොගෙන කටයුතු කරන ජපාන රජය කෙතරම් වගකීම් විරහිත හා ආත්මාර්ථකාමී ද ..!

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම