චීනයට චෝදනා කිරීම නතර කොට ජී-7 කණ්ඩායම සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත සහන සැලසිය යුතුයි
2023-05-22 20:14:42
Share with:

         

          ජී-7 කණ්ඩායම සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් වැඩියෙන් ප්‍රායෝගික දේවල් කළ යුතු බව චීනය අවධාරණය කරයි.

          යුරෝපීය කොමිසමේ සභාපතිනි Ursula von der Leyen ජී-7 කණ්ඩායමේ නායක සමුළුවේදී චීනයට එරෙහිව චීනයේ ණය පිළිබඳ පළ කළ අදහස් සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (22) බෙයිජිං හි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා ය. ජී-7 කණ්ඩායම සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් වැඩි ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කළ යුතු බව ඇය එහිදී පෙන්වා දුන්නා ය. සංවර්ධනය වෙමින් පවතින රටවල අරමුදල් අවශ්‍යතා සඳහා සෑම වසරකම සිය කණ්ඩයාමේ ආදායම්වලින් 0.7%ක් ආධාර මුදලක් වශයෙන් යොදවා ගැනීමේ පොරොන්දුව සහ එම රටවල් දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමට  සෑම වසරකම ඇමරිකානු ඩොලර් බිලියන 100ක අරමුදලක් ලබාදීමේ පොරොන්දුව ජී-7 කණ්ඩායම කඩිනමින් ඉටු කළ යුතු ය.

         චීනය සංවර්ධනය වෙමින් පවතින රටකි. චීනය සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සහ‍යෝගිතා පවත්වන්නේ තමන්ගේ වාසි වෙනුවෙන් නොව පොදු සංවර්ධන ජයග්‍රහණ අත්කර ගැනීම වෙනුවෙන් බව මෞ නිං මහත්මිය පවසයි. සංවර්ධනය වෙමින් පවතින රටවල ණය බර ලිහිල් කිරීමට චීනය හැකි තරමට කටයුතු කරන බව ඇය කියා සිටී. චීනයට චෝදනා කිරීම නතර කර සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් තමන් ලබාදුන් පොරොන්දු කඩිනමින් ඉටු කරන ලෙස චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව ජී-7 කණ්ඩායමෙන් ඉල්ලීමක් ද කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම